Colombo Today Local News

මරා වළදැමූ දෙදරු පියෙකුගේ සිරුර පාලු ඉඩමකින් ගොඩගනී

ඝාතනය කොට පාලු ඉඩමක වළදමා තිබූ පුද්ගලයකුගේ සිරුරක් කිලිනොච්චිය මරදන්කේනි පොලිස් වසමේ වෙත්තිලකේනි ප්‍රදේශයේදී ගොඩ ගැනීමට පියවර ගත් බවට පොලීසිය පවසයි.

මරදන්කේනි පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වෙත්තිලකේනි ප්‍රදේශයේ පිහිටි පාලු ඉඩමක් පරික්ෂා කිරීමේදී සැකකටයුතු ස්ථානයක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධීකරණයට දැනුම් දී තිබිණි.

අනතුරුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මයිල් ජෙමිල් මහතා එම ස්ථානයට පැමිණ පරික්ෂා කොට එම ස්ථානයේ පස් ඉවත් කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් පස් ඉවත්කිරීමෙන් පසුව වලදමා තිබූ සිරුර සොයාගන ඇත.

එලෙස වලදමා තිබියදී සොයාගත් මළ සිරුර වෙත්තිලකේනි මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 39 හැවිරිදි රාසන් සිවඥානම් නැමත්තාගේ බවට හඳුනාගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද මරදන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

colombotoday

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Admin

වරායෙන් තුනෙන් එකක් ඉන්දියාවට දෙන්න යයි… වරාය සේවකයෝ සටන අරඹයි

colombotoday

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නැහැ

Admin

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday