Colombo Today Local News

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉකුත් ජුනි 30දින වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

colombotoday

නිදි යහන මත සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday