Colombo Today Local News

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ළඟාවීම තවදුරටත් ප්‍රමාදවන බව කමර්ෂල් පොහොර සමාගම පවසයි.

ජූලි 6 වැනිදා මෙරට ළඟා වීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාදවීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ළඟා වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

ඕමානයේ සිට මෙරටට ළඟා වන අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගයක් අඩංගුවේ.

කමර්ෂල් පොහොර සමාගම පැවසුවේ ඉන්දීය ණය පහසුකම යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි.

අදාළ පොහොරවල ගුණාත්මක තත්ත්වය පාර්ශ්ව තුනක් මගින් විමර්ශනයට ලක්කෙරෙන බව ද එම සමාගම පෙන්වා දෙයි.

Related posts

අමාත්‍යාංශ දෙකක ට නව ලේකම්වරු

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

colombotoday

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

නීතිය හා සාමය බිද වැටීමේ තරම පෙනෙයි.. මහ මගදි චිකාගෝ පන්නයේ වෙඩි තැබීම්.. පාතාල මිනී මැරුම් රට පුරා..!

colombotoday

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

colombotoday

“පටු අරමුණු වෙනුවෙන් හමුදාව අවමානයට ලක් කරනු එපා” – යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday