Colombo Today Local News

නිදි යහන මත සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට

හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ වසන්ත කුමාර නමැති 30 හැවරදි හිටපු හමුදා සෙබලෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා බිරිඳ සමග නිරතුරුව ආරවුල් හටගෙන තිබූ බවත් එදිනද ඔවුන් දෙදෙනා අතර සුපුරුදු ලෙස ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ආරවුලෙන් පසු මෙම පුද්ගලයා ගොස් නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරිය විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.

සැකකාරියගේ මව්පියන් ඒ ආසන්නයේ පදිංචිව සිටියත් ඔවුන් මෙම ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත් ව නැති බව පොලිස් නිලධාරියෙක් පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් ද පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා ඇත.

Related posts

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

Admin

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

ශ්‍රී ලංකා පදනම ආයතනය ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday