Colombo Today Local News

ෆොන්සේකා දේශපාලන දඩයමක!

323027-sarath-fonseka

2005 ජනපතිවරණය ජය ගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දුන් බවක් තමන් කිසි විටක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නොකී බව හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ඒ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, එම චෝදනාව විග්‍රහ කරන්නේ ‘දේශපාලන දඩයමක්’ ලෙසිනි.

“ඒක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම සිද්ධියක් වුනෙත් නැහැ ඒ වගේම ඔහු එක්ක මම එහෙම සාකච්ඡාවක් කළෙත් නැහැ,” බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

“මේක මේ එතුමාගේ අදහසක් උඩම කෙරිච්ච දෙයක් නෙවෙයි. අපේ නීතිඥ මහත්වරුන්ගේ අදහස යම්කිසි දීර්ඝකාලීන ඉලක්කයක් බලාගෙන කරන දේශපාලන දඩයමක කටයුත්තක් කියල,” යනුවෙන්ද බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

‘අමූලික බොරුවක්’ :

මීට ඉහතදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් එම චෝදනාව හැඳින්වූයේ ‘අමූලික බොරුවක්’ ලෙසිනි.

යුද්ධයෙන් අනතුරුව එල්ටීටීඊ සංවිධානයේ බැංකුවල තිබී සහ වෙනත් අයුරින් අත්පත් කරගන්නා ලද රත්රන් යළි උතුරු නැගෙනහිර ජනතාවට බෙදා දුන් අවස්ථාවේ එයින් කොටසක් අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා මෙවර පාර්ලිමේන්තුවට පත් වීමෙන් අනතුරුව පැවැත්වූ සිය මංගල දේශණයේදී එල්ල කළ තවත් චෝදනාවකි.

එම රත්රන් යළි බෙදා දීමට තමන්ගේ සම්බන්ධයක් නොතිබූ බැවින් ඒ පිළිබඳව වැඩි විස්තර තමන් නොදන්නා බව හිටපු ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

පැවති රාජපක්ෂ රජයේ අමාත්‍යවරයකු වශයෙන් සාමූහික වගකීම යටතේ එම චෝදනාව තමන් ප්‍රතික්ෂේප කරන නමුත් එසේ අත්පත් කරගන්නා ලද භාණ්ඩ යළි බෙදා දීම සම්බන්ධ නීතිමය පසුබිම තමන් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය.

“ත්‍රස්තවාදීන් සතුව තිබිලා හම්බ වෙච්ච බඩු නැවත ත්‍රස්තවාදීන්ට අයිතිද කියන එක මම හරියට දන්නේ නෑ නීතියෙන් කොහොමද කියල.”

එසේ රත්රන් බෙදාදීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් කිසියම් පරීක්ෂණයක් පැවැත්වීමේ කිසිදු වරදක් තමන් නොදකින බවත් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(බිබිසි සංදේශය)

Related posts

ඩෙංගුවලින් රැකෙන්න නිල ඇඳුමට අමතර ඇඳුම් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර…

Admin

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

“මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා” ඇට්ටකුනා වෙන රොටියක් ගැන ජනපති කියයි: Video

colombotoday