Colombo Today Local News

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

තමාගේ ගමනට බාධා කරන පුද්ගලයින් ඇත්නම් පක්ෂයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අතීතයේ මෙන් තමන්ගේ වැඩවලට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවය.

හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

“මම මෙතෙක්කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න.”

Related posts

ඉන්දියාවෙන් එන ඔස්ට්‍රේලියාවට යන ලංකාවත් මැදිවූ කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

රජයේ සයිබීරියාව අහෝසි කරයි

Admin

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

ශාන්තට දුන් අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනපති සමඟ සාකච්ඡා නෑ…

colombotoday