Colombo Today Local News

රජයේ සයිබීරියාව අහෝසි කරයි

විවිධ හේතු මත රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් මාරු කරන සයිබීරියාව හෙවත් රාජ්‍ය පරිපාලන සංචිතය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම පරිපාලන සංචිතයේ විවිධ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් විස්සකට වැඩි සංඛ්‍යාවක් දෛනික කිසිදු රාජකාරියක් නොමැතිව සිටි.

එම නිලධාරීන් විධිමත් රාජකාරි කටයුත්තක් කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීමට නියමිතය. විවිධ වැරදි සහ දූෂණ චෝදනා හේතුවෙන් රාජ්‍ය පරිපාලන සංචිතයට අනුයුක්ත කරන රාජ්‍ය නිලධාරීන්ටද කඩිනමින් විනය පරීක්ෂණ පවත්වා සුදුසු රාජකාරියක් ලබා දීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන සංචිතය අහෝසි කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ සදහන් කරයි.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday

මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

colombotoday

ජවිපෙ දෙකඩ වෙයි.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 4ක් ඇතුළු පළුවක් ගැලවී ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday