Colombo Today Local News

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

මෙරට හිඟව පවතින ඖෂධ ඇතුළු, ඖෂධ වර්ග 1,300ක් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ශල්‍ය උපකරණ 1,200කට අධික සංඛ්‍යාවක් ද එම ණය යෝජනා ක්‍රමයෙන් ඇණවුම් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එම තොගය ලබන දෙසැම්බර් මාසය වනවිට දිවයිනට ලැබීමට නියමිත බව ඔහු පවසයි.

මේ වනවිට දිවයින තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120 ක පමණක් හිඟයක් පවතින බවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීම සඳහා සියලු ඇණවුම් මේ වනවිට භාරදී ඇතත් ඒවා ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14 හිඟයකින් තොරව රටතුළ පවතින බවයි.

මේ අතර ග්‍රෝස් හිඟයක් ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නැගූ චෝදනාව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ මාස 6 කට ප්‍රමාණවත් ග්‍රෝස් මීටර් මිලියන 6 ක් ගබඩාවල පවතින බවයි.

ඇතැම් ඖෂධ ගබඩාවල පැවතිය ද සන්නිවේදන ගැටලු හේතුවෙන් ඒවා බෙදා හැරීමේදි ගැටලු සහගත තත්ත්වයන් ඇතැම් අවස්ථාවල හටගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටි.

Related posts

පාස්කු ප්‍රහාරකයන්ට, මහබැංකු වංචා කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා | ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday

රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම: පාඨලී චම්පික රණවක මහාධිකරණයෙන් ඇප.

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday