Colombo Today Local News

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

මේ වන විට උතුරු සහ නැගෙනහිර පාළාත් වල නීතිය හා සාමය බිද වැටී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කර ඇත.

දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇත්තේ උතුරෙහි මේ වනවිට සදාචාරාත්මක නොවන කටයුතු වැඩි වී ඇති බවත් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසූ බවයි.

කාන්තාවන් තනිව ගමන් කිරීමටත්, තනිව නිවසේ සිටීමටත් බියක් දක්වයි. මෙම තත්වයට වගකිව යුත්තේ පොලීසියයි” යනුවෙන් ඔහු චෝදනා කර ඇත.

යුද්ධයෙන් පසු යාපනය සහ උතුරු නැගෙනහිර පළාත්වල නීතිය සහ සාමය ඉතා යහපත් අයුරින් පවත්වාගෙන යෑමට ආරක්ෂක හමුදාව කටයුතු කළ අතර මේ වන විට එහි වැඩි වගකීම පැවරී තිබෙන්නේ පොලීසියටයි.

Related posts

සිංහල ජාතිය ගැන කතා කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ඇමතිකම අහිමිවෙයි ?

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

විශ්වාසභංගයෙන් අගමැති හිරවෙද්දී, විධායක ජනපති ධුරය අහෝසියට ජවිපෙ 20 සංශෝධනය ගෙනෙයි

colombotoday

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

Admin