Colombo Today Local News

සිවාජිලිංගම්ට ඇප

අත්අඩංගුවට ගනු ලැබු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා ඇප මත මුදා හැර තිබේ.

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් අද (5)දින උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

2018 වසරේ නීති විරෝධී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශිවාජිලිංගම් මහතාට නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි එම්.කේ.ශිවාජිලිංම් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.

එම්.කේ.සිවාජිලිංගම් මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙමළ ජනතා ජාතික සන්ධානය යටතේ තරග කරයි.

Related posts

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

අපේ රටේ දැනුම් පද්ධති සොරකම්කරන් ගියා.. හෙළ වෙද රහස් සහිත පුස්කොළ පොත් 2227ක් එංගලන්තයේ

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday