Colombo Today Local News

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

4845ce2d5f35d76bb4b60677834dee34_L

රතුපස්වල ගම්වාසීහු අද (07) එම ප්‍රදේශයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට විරෝධය දක්වමින් විරෝධතාවයක් ඇරඹූහ.

‘එදා රතුපස්වල ජල ගැටලුවේදී රතුපස්වල ජනතාව එපා වූ මහින්ද අද ගමට එයි අපට එපා‘ යැයි රාජපක්ෂ රජයට විරෝධය පළ කරමින් පුවරු ඔසවාගෙන වීදි බැස සිටින ජනතාව මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණීම පිළිබඳ විරෝධය පළ කරති.

රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තැබුවේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ බවත් යුද හමුදාව බාරව සිටියේද රාජපක්ෂ මහතා බවත් ජනතාව පවසති.

විරෝධතාව පැවැත්වෙන අතරතුර එහි පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු පිළිබඳ ඇතිවූ සැකයක් හේතුවෙන් රතුපස්වල වැසියෝ ඔවුන්ට ද සිය විරෝධය පළ කළහ.

Related posts

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

colombotoday

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

පුංචි ඡන්දය ලබන මාර් තුවේ – මැතිවරණ කොමිසම කියයි

colombotoday

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

colombotoday

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday