Colombo Today Local News

“අපේ දේශපාලන සතුරන් අද එක කදවුරකට ඇවිත්.. අපට වටකරගෙන ගහනවා” නිශාන්ත වර්ණසිංහ

varnasingha

ජාතික හෙළ උරුමය සමග දේශපාලනික වශයෙන් සතුරුව සිටින කණ්ඩායම් පාර්ලිමේන්තු පාරේ පසුගියදා සිදුවූ අනතුරින් පසුව එක කඳවුරකට පැමිණ පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඉලක්ක කරගෙන අසත්‍ය ප්‍රහාර එල්ල කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසයි.

අනතුරක් සිදු වූ අවස්ථාවේ එම ජීප් රිය පැදවූයේ ඇමැතිවරයා බවට එල්ලවන චෝදනාවන්හි කිසිම සත්‍යතාවයක් නොමැති බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කරයි.ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි විමර්ශනවලට අපි මැදිහත්වීමක් කරන්නෑ. ස්වාධීනව මේ පරීක්ෂණය කරගෙන යන්න ඉඩ දෙනවා. සිද්ධිය වෙලා අදට දවස් 9යි. චම්පික ඇමතුමා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියේ මේ පිළිබඳව පරීක්ෂණ දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව කරගෙන යා යුතු නිසයි. අපි සමග දේශපාලනික වශයෙන් සතුරුව සිටින කණ්ඩායම් අද එක කඳවුරකට ඇවිල්ලා චම්පික රණවක ඇමතිවරයා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. අපේ විරුද්ධවාදීන් චම්පික ඇමතිවරයාට විරුද්ධව අද නඩුව විභාග කරන්නෙත් පරීක්ෂණ කරන්නෙත් ටිරාන් අලස්ගෙ මැදිරියේ ඉඳගෙනයි.

අපිට දේශපාලනික වශයෙන් වීමට හේතුව වී තිබන්නේ ටිරාන් අලස් මහතාට විරුද්ධව රාඩා ආයතනය ගැන මම රහස් පොලීසියට පැමිණිලි කළ නිසයි. ඉන්පසු තමයි මාවයි චම්පික රණවක මහතායි ඉලක්ක කරගෙන පහර දෙන්නේ. මෙතන තියෙන්නේ වෙන දේශපාලන කෝන්තරයක්. පෞද්ගලිකව ඇතිකරගත්ත විරසකයක් යනුවෙන් පවසා සිටියේය.

මේ සිදුවීමේ දී රණවක ඇමතිවරයා අතින් නීතිවිරෝධි කරුණු 04ක් සිද්ධ වී ඇති බවත් ඒ අනුව නොසැලකිලිමත් රිය පැදවීම, අනතුරක දී පලා යාම, තමන් වෙනුවට තවත් පුද්ගලයකු පොලීසියට ඉදිරිපත් කිරීම, අධිකාරි බලයකින් තොර ව ආණ්ඩුවේ වාහනයක් ධාවනය කිරීම යන කාරණා නීතිය කඩ කිරීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ඉකුත් 06 වැනි දා පැවැති මාධ්‍ය හමුවක දී පැවසී ය.

Related posts

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

යහපාලන සමාදාන තාප්පයක්, සාම කුළුණක් උතුරේ හැදෙයි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පහළට දැමේ

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

යහපාලන සංහිදියා බළකායේ ලේකම් පාක්‍යසෝති, හමුදාවට එරෙහිව ජිනීවාහීදි හයිබ්‍රිඩ් ඉල්ලයි

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday