Colombo Today Local News

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

ත්‍රස්ත විමර්ශන දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ඒකකයෙන් ඉවත් කර තොරතුරු තාක්ෂණ දිසාව වෙත මාරුකර යවා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම කියවුණු අතර, ඒ පිළිබදව මේ දිනවල දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන දිසාවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා අනුයුක්ත කර ඇත.

මේ අතර අදාළ ඝාතන කුමන්ත්‍රණය පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දුරකථන සංවාදයක යෙදුනු බව පැවසෙන දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යාක්ෂක නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 12ක් පමණ ප්‍රශ්නකර ඇතැයිද වාර්තා වනවා.

Related posts

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ආහාර ආධාරයක්

Admin

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday