Colombo Today Local News

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එජාපය විසින් පුළුල් ලෙස දියත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්ධුල ගුණවර්ධන පවසයි.

මෙම කුමන්ත්‍රණ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය හෙළිදරව් කරනවිට එජාපයේ සටකපටයන් ඒවා වසන් කිරීමට මධ්‍ය හරහා මෙහෙයුමක් දියත් කරන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මේ වනවිට ආණ්ඩුව දැවැන්ත ආර්ථික හා මූල්‍ය අර්බුදයක පැටලිලා එය උච්චතම අවස්ථාවට පත්වෙලා තිබෙනවා. එම නිසා රාජ්‍ය, මූල්‍ය හා ආර්ථික අර්බුදය ඇතිවෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ එජාපයත් මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලනිපයත් හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති දෙකක් එකට යා කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. අපට හැඟෙන ආකාරයට ආර්ථික ඝාතන කුමන්ත්‍රණයක් අපේ රට තුළ මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසක කවර ආණ්ඩුවක් යටතේවත් නොවූ විරූ ලෙස රුපියල මස්තබාල්දු වෙලා තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉකුත් සතියේ ඩොලරයකට ගෙවන මිල 165 දක්වා වැඩිවෙලා තිබෙනවා. ලොකු කුඩා බාල මහලු සියලුම ජනතාවගේ ජීවිතයට ඉතාම බරපතළ ලෙස පීඩනයක් ඇති කරලා තිබෙනවා මේ රුපියල කඩාවැටීම නිසා.

මේ සඳහා ස්ථායීතාවක් හදනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමැතිවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අස්සන් කරලා වක්කඩ කැඩුවා වගේ භාණ්ඩ මේ රටට ආනයනය කිරීමට ඉඩ සලසලා තිබෙනවා. ඒ ගිවිසුම ප්‍රකාරව මනාව සියල්ල සිදුවුණොත් අනිවාර්යයෙන්ම මේ වසර අවසන් වෙනකල් ඩොලර් එක 200 දක්වා වැඩි කිරීම නතර කළ නොහැකියි. එජාපය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රමුඛත්වයෙන් ගෙන ආ සිංගප්පූරු ගිවිසුමට රට තුළ විවිධ අර්බුද පැනනඟින විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා නිර්දේශ ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා. යා දෙක නොරත රත එකට පෑහීමක් නොමැති නිසා එකට පෑදීමක් නැති වීම නිසා ජනාධිපතිව ශාරීරික වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අතිරේකව ආර්ථික ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

– mawbima

Related posts

හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි – ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

අනුර ඇතුළු මාලිමාවේ පිරිසකට අධිකරණ නියෝගයක්

Admin

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

colombotoday

ප‍්‍රදේශ කිහිපයක් හැර මුළු රටම කොරෝනා අධි අවදානම සහිත රතු කලාපයක්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද? මුජුබර් රහුමාන් අසයි.

colombotoday

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday