Colombo Today Local News

භූමිදානය කරතිබූ මවකගේ හිස කපාගෙන ගිහින්

තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන රැගෙන ගොස් ඇත.

තෙන්නකෝන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි අසූ හැවිරිදි මෙම කාන්තාව මියගොස් තිබූ අතර පසුගිය අගෝස්තු මාසයේ 8 වැනි දා එම සිරුර භූමදානය කර තිබිණි යැයිඋසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.

මෙම පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු මේ බව දැක ඇතැයි පොලිසිය පවසයි.

මෙය දුටු එම පුද්ගලයා මේ බව මරණ මරණකාරියගේ දියණියට දැනුම් දී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මරණකාරිගේ දියණිය මේ බව ගලේවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මළ සිරුරේ හිස කපා වෙන්කර ගෙන රැගෙන ගිය අය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමක් සිදුකිරීමට යොදාගැනීමටමෙම හිස රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Related posts

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

මෙවර ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

colombotoday

“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයි

colombotoday

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday

අයවැය ප්‍රකාශය : ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

Admin

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday