Colombo Today Local News

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර මහතා සඳහන් කරයි.

එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවත් එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරිමට නියමිතව ඇති බවත් සරත් කුමාර මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන්.

ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වන විට ලැබී තිබූ අයදුම්පත් 8210ක ප්‍රමාණයක වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබු අතර, මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති අරමුදලේ නව ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර මහතා වෙත ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු කඩිනම් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

Related posts

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

චම්පික අත්අඩංගුවට!

colombotoday

කොළඹ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් පුද්ගලයෙකු මරුට

colombotoday