Colombo Today Local News

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ආගම වෙනස් කර විවාහ කරගැනීමට සූදානමින් සිටි තරුණයෙකු සහ ඔහුගේ මාමා කෙනෙකුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා විසින් මෙම විවාහය සඳහා උපදෙස් ලබාදී ඇති අතර ඔහු විසින් දැරියව සඟවා තබා ගැනීමට නවාතැන් ද ලබාදී ඇත.

එම දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු එලෙස ඇයව පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී තිබුණේ නිකවටවන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර තිබුණි.

සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පාසල් සිසුවිය මීට මාස 02කට පමණ ඉහතදී දඹුල්ල රෝහලේදී සිය මිත්තණියගේ සාත්තුව සඳහා රැඳී සිටියදී මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බවය.

විවාහ උත්සවයට පෙර දැරියගේ ආගම වෙනස් කිරීමේ ප්‍රීතිය සැමරීමට දැරියගේ මව, පියා සහ තවත් කිහිප දෙනෙකු මෙන්ම තරුණයාගේ ඥාතීන් පිරිසක් එක්වී නිකවටවන ප්‍රදේශයේ නිවසක සාදයක් ද පවත්වා තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තමා අදාළ තරුණයා සමග එම නිවසේ තනිවූ බවය.

තවදුරටත් මෙම දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, 15 හැවිරිදි දැරිය මීට පෙර ගලේවෙල ප්‍රදේශයේ තරුණයෙකු අතින් අතවරයට ලක්වී ඇති බවය.

අදාළ සැකකරුට විරුද්ධව ගලේවෙල පොලීසියේ පැමිණිල්ලක් සහ දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවතින බවත් අනාවරණය වී ඇත.

මව්පියන්ගේ දැනුවත්කම මත මෙම විවාහය සිදුවීමට ගිය බවද ඇය පවසා තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොළ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා ගයන්ති මහත්මිය ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව උණුසුම් වෙයි

colombotoday

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

colombotoday

ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාර

colombotoday

(Video)භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන නීතිය එජාප නායකයාට, එජාප පාක්ෂිකයන්ට අදාළ නැද්ද?

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday