Colombo Today Local News

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් ලෙස සටහන් වූ අතර එය දෙසැම්බර් මස සියයට 57.2ක් දක්වා පහත වැටී තිබේ.

එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව ආහාර උද්ධමනයද දෙසැම්බර් මස සියයට 9.3 කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා සඳහන් කර තිබේ.

ඉකුත් නොවැම්බර් මස සියයට 73.7 ක් වූ ආහාර උද්ධමනය දෙසැම්බර් මස සියයට 64.4 ක් දක්වා පහත වැටී ඇත.

Related posts

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

colombotoday