Colombo Today Local News

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

ලෝකයේ බොහෝ රටවල්වල යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

අද (දෙසැ. 30)දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“මේ මොහොත වන විට අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් සංඛ්‍යාවක් විශේෂයෙන් චීනය, ඉන්දියාව වගේ රටවල්වල සහ තවත්රටවල් කිහිපයක ම රෝගීන්ගේ බැලූ බැල්මට වැඩි වීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපිට යම් ආකාරයක මේ රෝගය ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙලා තියෙනවා.”

ඔහු පෙන්වා දුන්නේ, කොවිඩ්-19 රෝගය බරපතළ ප්‍රශ්නයක් ලෙස මේ මොහොතේ නොපෙනුන ද එය අවසන් වී නොමැති හෙයින් යළි ඉහළ යාමේ අවදානම් පවතින බව ය.

ඒ හේතුවෙන්, මේ දක්වා අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු පෙරටත් වඩා හොඳින් පිළිපැදිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

Related posts

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

“ලසන්ත ඝාතනය කළේ ෆොන්සේකා“ අගමැති මීට පෙර කළ ප්‍රකාශය එක්ක 5000% මා එකගයි

colombotoday

පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි

colombotoday

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin