Colombo Today Local News

පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් පුද්ගලයෙකු මරුට

කින්නියා පොලිස් වසමේ පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ(09)දින දහවල් 12.55 ට පමණ මෙය සිදුව තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු පිපිරීම හේතුවෙන් තුවාල ලබා කින්නියා රෝහලට ඇතුළත් කර ඇති බවට කින්නියා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

තුවාලකරුවන් කින්නියා රෝහලට ඇතුළත් කිරීමේ දී එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 37 ක් වු කුට්ටිකරච්චි, කින්නියා ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) දින පැවැත් වීමට නියමිතයි.

මරණකරු සහ තුවාලකරු අනවරසයෙන් මසුන් මැරීම සඳහා ඩයිනමයිට් යොදා ගැනීමට උත්සහ කිරීමේ දී මෙලෙස පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි.

කින්නියා පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

වර්ජණ කළොත් වැඩ වරදී.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති ගැසට් කරයි !

colombotoday

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday