Colombo Today Local News

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

ලොව ආපදා බහුලම රටවල් ලේඛනයේ සිවුවැනි ස්‌ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. 2016 වසර සඳහා ලොව ආපදා බහුල රටවල් ලැයිස්‌තුගත කිරීමේ ‘ජර්මන් වොච්’ වාර්තාවට අනුව ‘ලෝක දේශගුණික ආපදා 2018 දර්ශකයට’ මෙසේ ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ.

මීට පෙර ශ්‍රී ලංකාව ආපදා බහුල රටක්‌ ලෙස ප්‍රකාශයට පත්ව නැති අතර, ලෝකයේ ආපදා අවම හා ජීවත්වීමට සුදුසු රටක්‌ ලෙස සැලකිණ.

ඉහත දර්ශකයට අනුව ලකුණු (CRI) 2.33 ක්‌ හිමි ‘හයිටි’ රාජ්‍ය ප්‍රථම ස්‌ථානයට පත්ව සිටින අතර, පිළිවෙළින් සිම්බාබ්වේ හා ෆීජි දෙවැනි හා තෙවැනි ස්‌ථාන හිමිකරගෙන ඇත.

වියට්‌නාමය හා ඉන්දියාව ශ්‍රී ලංකාවට පසුපසින් සිටින අතර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු ප්‍රමාණය 11.50 කි.

දස වැනි ස්‌ථානයට පත්ව ඇති එක්‌සත් ජනපදය හැරෙන්නට අනෙක්‌ රටවල් අඩු ආදායම් ලබන සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය වේ.

Related posts

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

මම බයනැතුව කියනවා, විජයදාස හොරෙක් – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin