Colombo Today Local News

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

වයස අවුරුදු 60 සම්පුර්ණ වූ සේවකයින් 300ක් සේවා අවශ්‍යතා මත සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශවලට යටත්වයි.

අදාල සේවකයින් කොන්ත්‍රාත් පදනම මත ඉදිරියට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවා අවශ්‍යතා මත එලෙස සේවය ලබා ගන්නා පිරිස අතර දුම්රිය රියැදුරන්, රියැදුරු සහයකයින්, දුම්රිය නියාමකයින් ඇතුළු තාක්ෂණික හා මෙහෙයුම් සාමාජිකයින් වනබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර, සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද (31) දිනයේ විශ්‍රාම යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.

Related posts

එල්ටීටීඊ සැකකරුවන් සියළු දෙනාටම පොදු සමාවක් ඕනෑ – මනෝ ගනේෂන්

colombotoday

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

Admin

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

colombotoday

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

colombotoday