Colombo Today Local News

මෙවර ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

ලෝක සංචාරක රූ රැජන 2021 (World of world tourism) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28)දින සමත් විය.

මෙවර එම තරගාවලිය පැවැත්වූයේ පිලිපීනයේ වන අතර රටවල් 30ක තරගකාරිනියන් අතරින් 22 හැවිරිදි ඇය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

එහිදී දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හා තෙවන ස්ථානය කැනඩාවට හිමි විය.

මීට පෙර ලෝක සංචාරක රූ රැජන තරගාවලියෙන් තුන් වන ස්ථානයක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණද ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

කිරුළට අමතරව miss popular සහ miss talent යන ඉසව් ද්විත්වයෙන්ද නිලීෂා බානු ජයග්‍රහණය කර ඇත. Miss talent ඉසව්වෙන් ඇයට ජයග්‍රහණය හිමිව ඇත්තේ අංගම්පොර හා ගින්දර එකතුව සිදුකළ රඟදැක්වීමකිනි.

තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ ඊයේ (28 වැනිදා) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිමිවිය. ඇයගේ පුහුණුකරු වන්නේ රුක්මල් සේනානායකය.

Related posts

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday