Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩවර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂාවලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2023 අයවැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

තව ද රටක දීර්ඝ කාලීන (2023-2048) සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව ද අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.


* රටක දීර්ඝ දීර්ඝකාලීන සංවර්ධනයට පදනම වන්නේ ජනප්‍රිය තීන්දු ද නිවැරැදි තීන්දු ද කියා බැලිය යුතුයි.

* ජනතාව පුරුදු වී ඉන්නේ සහන ලබා ගැනීමටයි. ආණ්ඩු ක්‍රියා කරන්නේ දියුණු වේ මාවත හෙළි කරන්නට නොව සහන ලබා දීමටයි.

* ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

* අපේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පියවර ගෙන ඇති නම් ඔවුන් රට හැර යාමට පෝලිම් ගැසෙන්නේ ඇයි…?

* මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් 420 ක් නඩත්තු කරනවා.මෙයින් බොහොමයක් පාඩු ලබනවා ඒවා තව දින දෙක තුනකින් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.

Related posts

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

රුමේනියා රැකියා ජාවාරමේ ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

Admin

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

අවුරුදු මාරයි – කාල හමාරයි.. රුපියල නන්නත්තාරයි.. ඩොලරය 150ට තව රුපියලක් අඩුයි.

colombotoday

“හම්බන්තොට වරාය ආපසු අරන් මිස පස්ස බලන්නෑ” – ඇමැති විජයදාස ආණ්ඩුවට එරෙහි වෙයි

colombotoday