Colombo Today Local News

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ පහරදීමෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඩිලාන් සේනානායක මහතා තුවාල සිදුවිය.

එම පහරදීම හේතුවෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුවිය.

සිද්ධියෙන් පසු ඩිලාන් සේනානායක මහතාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහුව ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.

Related posts

මෛත්‍රි-ගෝඨාභය එකතු වී රට සශ්‍රීක කරයි කියන බයට ඔවුන් මරන්න කුමන්ත්‍රණ කරනවා

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday

කුරියල් ආයතනයකට එවූ කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

colombotoday

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

Admin

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin