Colombo Today Local News

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර ඇත.

මෙවර නිදහස් දින උත්සවය පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී ඊයේ (23 දා) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

ජාතික නිදහස් දින උත්සවය නිමිත්තෙන් පවත්වන පෙරහුරුවලදී මහජනතාවට අපහසුතා අවම වන පරිදි පුහුණුවීම් කටයුතු සිදුකරන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් දිනයට සමගාමීව රටම ආවරණය වනසේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමටද අමාත්‍යාංශය කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ජාතික නිදහස් දින උත්සවයට පෙර නිදහස් මන්දිරයේ පිළිසකර කටයුතු කඩිනමින් සිදුකරන ලෙස එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් ඇමැතිවරයා දන්වා තිබේ. මෙම අවස්ථාවට ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.

Related posts

බේරුවල කුඩු ජාවාරම්කරුගේ සේවකයන් 5 ක් පලා ගිහින්

colombotoday

“සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා” – ඉන්දීය විදේශ ලේකම්

colombotoday

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

කළු ඉරිදා දේව මෙහෙයට කුරාන රැගෙන පැමිණි මුස්ලිම් කත අත්අඩංගුවට

colombotoday

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday