Colombo Today Local News

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

“අපේ සමාජයේ යම් යම් පිරිස් සිටිනවා වංචාවට,  දූෂණයට එරෙහිව කටයුතු කරන. ඒ පිරිසගේ දක්ෂතාව පාවිච්චි කරලා, මේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ තඹ සතේකවත් දූෂණයක් වංචාවක් තියෙනවාද, වෙනවද කියලා බලන්න මම හිතුවා. ඒ වෙනුවෙන් ගරුතර උලපනේ ස්වාමීන් වහන්සේ, රංජිත් විතානගේ, නිහාල් කිරිඇල්ල, නීතීඥ ප්‍රදීප් පෙරේරා, විමුක්ති දුෂාන්ත වගේ පිරිස් සහභාගි කරගන්න මට ඕන වුණා. ඒ අයට අඩුගානේ මාසයකට සැරයක් මේ අමාත්‍යාංශයේ කටයුතු සොයා බලලා, ප්‍රශ්න කරලා වංචා දූෂණ ඇත්නම් ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලබාදෙන්න මට ඕනවුණා. මා විශ්වාස කරනවා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක මෙවන් තීරණයක් ගෙන නැහැ. අමාත්‍යාංශයේ මූල්‍යමය කටයුතු විනිවිදභාවයට පත්වනවාසේම, බොරු, අසත්‍ය අවලාද චෝදනා වළක්වා ගන්නත් මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක් වේවි. ඒ වගේම මෙම ආරම්භක ව්‍යායාමය අනෙකුත් අමාත්‍යාංශ මගින්ද අනුගමනය කරනු ඇතැයිද ඒ තුළින් වංචා දූෂණ තුරන් කරල රටට ඵලදායි සේවාවක් ඉටුකිරීමටද හැකිවනු ඇතැයිද මාගේ විශ්වාසයයි. හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ හෝ ඊට අයත් ආයතනයන්හි සිදුවී ඇතැයි පවසන හෝ සැක කෙරෙන වංචා, දූෂණ හෝ අක්‍රමිකතා ඇත්නම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග ඒ පිළිබදව සාකච්ඡාකර එම අක්‍රමිකතා අවම කරගනිමින්, ක්‍රමිකව, ඉතා කාර්යක්ෂම අමාත්‍යාංශයක් බවට පත්කර, එමගින් රටට ජනතාවට ඵලදායි ලෙස කටයුතු කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් අද (05) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“අපි නිදහස ලබාගෙන වසර 71. නමුත් අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිල තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපි සුද්දන්ගේ යටතේම හිටියනම් හොදයි කියන කට්ටියකුත් සිටිනවා. අපි දන්නවා වැඩ කරන කෙනාට තමයි මඩ ගහන්නේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය උපයෝගී කරගෙන වැඩකරන කෙනාට බාධාවක් නොවන ආකාරයේ කටයුත්තකට මුල පුරන්න තමයි මේ හදන්නේ. විදුලිය දුන්නත් වැරදියි. නොදුන්නත් වැරදියි. ලංකා විදුලිබල මණ්ඩලයේ දක්ෂ ඉංජිනේරු කන්ඩායමක් සිටිනවා. ඒ අයගෙන් තොරතුරු අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. බල්ලෝ බිරුවට කදු පෙරලෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, මමත් ආණ්ඩුවක් වශයෙන් පොරොන්දු වෙලා තිබෙනවා කිසිම ආකාරයකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. ඒ වගේම අපි අනවශ්‍ය ලෙස බයක් ඇති කරන්නෙත් නැහැ. ඉතාම අපහසු තත්ත්වයකට පැමිණියොත් පමණක් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකරන්න වෙනවා. ඒකත් අපි කරන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයටම ඒ දේවල් කරන්න බාර දෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ  විදුලි ජනනය 100‍% කින් පමණ වැඩි කරන්නයි. ඒ සදහා ලංවිම ඉංජිනේරුවරුන් ඉදිරිපත් කරලා තිබෙන සැලැස්ම 99‍% ක්ම සාර්ථකයි. ඉදිරි දැක්මක් සහිතව, රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් හිතලා කටයුතු කරලා තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම මගිනුත් මෙය අනුමත වෙලා තිබෙනවා. රටක් හදන්න යනකොට බාධා ඇතිවීම විශේෂයි. ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණදීලා කටයුතු කළේ නැත්නම් කවදාවත් අපිට රටක් හදන්න බැහැ” යැයි පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ, ජනමාධ්‍යවේදී සහ සිවිල් ක්‍රියාකාරී නිහාල් කිරිඇල්ල යන මහත්වරුන්ද මෙම නව ක්‍රියාමාර්ග පිළිබ‍දව මාධ්‍ය ඉදිරියේ සිය අදහස් දැක්වූහ.

Related posts

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කරයි

colombotoday

ජනපතිගේ තටු කපා විධායක බලය අගමැතිට දෙන ජවිපෙ ගෙනා 20වැනි සංශෝධනය මෙන්න

colombotoday

හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Admin

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

colombotoday

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

colombotoday