Colombo Today Local News

“කවදාවත් නැති විදිහට හජ් වන්දනා කෝටාවත් අඩු කරලා.. ආණ්ඩුව ගැන ලැජ්ජයි” – අසාත් සාලි

මෙවර 2240ක පිරිසකට පමණක් මක්කම වන්දනාවට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇති බවත් මීට පෙර අවස්ථාවන්හි ඊට අමතරව 600කට යාමට අවස්ථාව ලැබුණද මෙවර එම අවස්ථාවද අහිමි වී ගොස් ඇති බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

හජ් වන්දනාව සඳහා ලබාදී ඇති කෝටාව සම්බන්ධයෙන් මේවන විට ඇති වී තිබෙන ගැටලූව පිළිබඳ අසාද් සාලි මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

පසුගිය වසරේද 600ක් ලැබෙන විට මුස්ලිම් ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා හා ඔහුගේ සොහොයුරා මක්කම වන්දනාවේ ගොස් තිබූ බවත් මෙවරද මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූ විට ඇමතිවරයා එංගලන්තයට ගොස් ඇති බවත් මක්කම යන බැතිමතුන්ගේ කටයුතු සොයා බැලීමට කවුරුත් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සෞදි රජයට විරුද්ධව මේ කාලසීමාව තුළ විවිධ ප්‍රකාශ සිදු කළ බවත් සෞදියට කිසිදු කාන්තාවක් නොයවන බවට තලතා අතුකෝරල ඇමතිවරියද ප්‍රකාශ කර තිබූ බවත් රන්ජන් රාමනායක ඇමතිවරයා සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ බවත් පවසන අසාද් සාලි මහතා මෙවැනි සිදුවීම් නිසා සෞදි රජය සමග පැවති මිත්‍රශීලි භාවය පළුදු වී ඇති බවත් මාලදිවයිනට, බංගලාදේශයට මක්කම වන්දනා කිරීමේ අවස්ථාව වැඩි කර ඉල්ලූ විට ඊට එරටින් අවසර දුන් බවයි.

මෙරට මුස්ලිම් කටයුතු අමාත්‍යංශයට මක්කම වන්දනාවට අවස්ථාව වැඩි කරන්නැයි කියා ලිපියක් ලියා ගැනීමට පවා නොහැකි බවත් ජනපති හෝ අගමැති මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් ඒ පිළිබඳ රජයේ කිසිදු අයෙකු සොයා නොබැලූ බවත් ඒ නිසා රජය පිළිබඳ කණගාටුව පළ කරන බවත් ඔහු අවධාරණය කළේය.

මේවන විට හජ් වන්දනාවට 8000ක් පමණ පිරිසක් ඉල්ලුම් කර ඇති බවද සඳහන් කළ අසාද් සාලි මහතා ඉතිහාසයේ කවදාවත් සිදුනොවුණ දේවල් යහපාලන ආණ්ඩුව පත් වූ දිනයේ සිට සිදු වන බවත් 2010 මක්කම හජ් වන්දනාවට 6500ක් මෙරටට කෝටාව ලැබුණු බවත් ඊට අමතරව තානාපති කාර්යාලයෙන් එරට වැඩ කරන ලාංකිකයින් 350කටද අවස්ථාව සලසා දුන් බවත්ය.

එම අවස්ථාවේදී තානපතිවරයාගේ බලය මත තවත් 150ක වීසා ප්‍රමාණයක් ලැබුණු බවත් එදා 7000කට වැඩි පිරිසක් මක්කම වන්දනාවේ ගිය බවත් ඔහු සඳහන් කළේය.

මෙවර එම වීසා ලබා දීමේ වගකීම සඳහා පත් කර ඇති පුද්ගලයා මුස්ලිම් අයෙකු ලෙස තමා පිළිනොගන්නා බවත් එනිසා මුස්ලිම් පුද්ගලයෙකු පත් කරන ලෙස වසර දෙකක කාලය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැන්වුවද කිසිදු පියවරක් නොගත් බවත් අසාද් සාලි මහතා පැවසීය.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු අමාත්‍යංශය සමග පවත්වාගෙන ගියේ නම් වාසි හිමිවන බව හා එය වෙන් කර තිබීම හේතුවෙන් ප්‍රශ්න වැඩිවී ඇති බව තමාට ආරක්ෂක ලේකම්වරයාද පෙන්වාදුන් බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

asianmirror.lk

Related posts

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

(Video)නැගෙනහිර මහ ඇමති, ආණ්ඩුකාරයා ඉදිරිපිටම හමුදා නිලධාරියෙකුට පහත් ලෙස බැණවදී

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday