Colombo Today Local News

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මත වී මාස දෙකකට පසු අද (14)දින සිට බලාත්මක විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන සහතික කිරීමෙන් පසු එම පනත් කෙටුම්පත් දෙක මෙසේ බලාත්මකවිය.

මෙම පනත් කෙටුම්පත් දෙකට කතානායකවරයාගේ සහතිකය සඳහන් කිරීමට මාස 2කට ආසන්න කාලයක් ප්‍රමාදවිය.

සහතිකය සටහන් කිරීම එසේ ප්‍රමාදවී ඇත්තේ, පනත් කෙටුම්පත් දෙකේ පැවති තාක්ෂණික දෝෂ කීපයක් නිවැරදි කිරීමට සිදුවීම නිසා යැයි කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය ජූලි මස 20 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණෙ පසුගිය ජූලි 21 වැනිදාය.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වේ.

Related posts

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළට

Admin

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවේ

colombotoday

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin