Colombo Today Local News

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට ඊයේ (01) සවස 5.20ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අදාළ වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පන්නල පොලීසිය සඳහන් කළේය.

වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ, යක්විල – හැගව පදිංචිකරුවෙකි.

තමා පොල් සොරකම් කිරීමට ගිය අවස්ථාවේ දී වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකළ බවට තුවාල ලැබු පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇත.

තුවාලකරුගේ වම් අතට සහ කොන්දට වෙඩි වැදී ඇතැයි අනාවරණය වී තිබේ.

වෙඩිතැබීම සිදුකළ මුරකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

colombotoday

කංසා වගාවට නීතිගේන යෝජනාව සම්මතයි

colombotoday

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමග ගහක් උඩ පැළක

colombotoday

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

colombotoday

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday