Colombo Today Local News

ඥානසාර හිමි කිවුව දේවල් සනාථ වුනා. වහාම නිදහස් විය යුතුයි – පා.ම තිලංග සුමතිපාල මහතා පවසයි

2014 වර්ෂයේ සිට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ අන්තවාදී සංවිධාන හයක් පිළිබඳව ප්‍රකාශ කරලා තිබුණ බවත්, ඒ පිළිබඳ බොහෝ කරුණු දැන් සනාථ වෙලා තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඊයේ (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටිනවා.

නමුත් ඒ වෙලාවෙ දැක්කෙ උන්වහන්සේ ප්‍රකාශ කරන ශෛලිය සහ වචන බවත් අන්තර්ගතයට අවධානයක් යොමු වුවේ නොමැති බවත් ප්‍රකාශ කර සිටි සුමතිපාල මහතා, ඥානසාර හිමි සිරබත් කන එක ගැන කනගාටුවක් තිබෙන බවත් ඇත්තටම උන්වහන්සේ මේ පිළිබඳ දිගින් දිගටම ප්‍රකාශ කළ කෙනෙක් හැටියට නිදහස හිමි විය යුතු බවත් ප්‍රකාශ කර සිටියා.

Related posts

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

ඩොලර් මිලියන ගණනක් රටට ගෙනා ගෝඨාභය මල් මාලා දමා පිළිගත යුතුයි – ඇවන්ගාඩ් සුලමුල හා අනුරගේ ඩබල් ගේම් ගැන විමල් කියයි.

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

ගෝඨාභය ජනතාවට භාර දෙනවා. – විමල් විරවංශ

colombotoday