Colombo Today Local News

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

rnuds22සියලු උපාධිධාරීන්ට රැකියා ලැබෙන තුරු අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇති බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේවන විට 20,000ක් පමණ වන රැකියා විරහිත උපාධිධාරීන් ගැන ආණ්ඩුව නොසලකා හැර ඇති බවත්, බොරු පොරොන්දු දෙමින් ඔවුන් රවටමින් සිටින බවත්, මීට විරෝධය පළකර සියලූම දිස්ති‍්‍රක් හා පළාත් මට්ටමින් විරෝධතා කි‍්‍රයාමාර්ග පවත්වා පෙබරවාරි මස කොළඹ දී අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇති බව එහි කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් පහත පරිදිය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් පී‍්‍රතිය සමරන මේ මොහොත වන විට උපාධිධාරීන් 20,000කට අධික ප‍්‍රමාණයක් විරැකියාවෙන් සිටීම කනගාටුවට කරුණකි. පසුගිය කාලය පුරා අප රට පුරා දැවැන්ත විරෝධයක් රැකියා ලබාගැනීම වෙනුවෙන් පවත්වන ලදී. අවසන අගමැතිවරයා ද මූලිකත්වයෙන් සාකච්ඡා පැවැත්වන ලදී. එසේ පැවති සියලූ සාකච්ඡාවන්හිදී අපගේ ගැටලූ පිළිගනිමින් ගැටලූ විසඳන බවට පැවසුවද මෙතෙක් විසඳු ගැටලූවක් නොමැත. අඩුම තරමේ පසුගිය වසරේ අනුමත වූ උපාධිධාරී පත්වීම් 5500 පවා මෙතෙක් ලබාදීමට නොහැකි වී තිබේ. මේ අතර පළාත් සභා පාසල්වල ගුරු පුරප්පාඩු රැසක් පවතින අතර ඇතැම් පළාත්වල විභාග පවත්වා වසරක් ගත වී ඇතත් පත්වීම් ලබාදී නැත. තිබෙන පුරප්පාඩු ප‍්‍රමාණයවත් ගණන් බලා නැත.

ආණ්ඩුව පවසන පරිදි 16,000 ක පුරප්පාඩු සහ අකිල විරාජ් අධ්‍යාපන අමැතිවරයා පවසන පරිදි ගුරු පුරප්පාඩු 15,000ක් පවතී. සියලූ පුරප්පාඩු 30,000 ඉක්මවා ඇත. එසේනම් විරැකියාවෙන් සිටීමට උපාධිධාරීන්ට කිසිදු හේතුවක් නොමැත. නමුත් ආණ්ඩුවේ නායකයින් මාධ්‍ය හරහා විවිධ ප‍්‍රකාශ කරමින් ප‍්‍රශ්නය කල් මරමින් සිටීම පිළිකුල් සහගතය.

මෙසේ පුරප්පාඩු තිබියදී රැකියා නොදීමට විරෝධය පළ කරමින් විරෝධතා මාසයක් නම්කරන ලදී. ඒ අනුව ජනවාරි 9 දින උදේ 11 ට නුවර ටොරින්ටන් චතුරශ‍්‍රය ඉදිරිපිටද, ජනවාරි 11උදේ 11 ට කොළඹ මහඇමති කාර්යාලය (ශ‍්‍රාවස්ති මන්දිරය) ඉදිරිපිටද, ජනවාරි 20 උදේ 11 ට මාතර බස්නැවතුම්පළ ඉදිරිපිටදීද විරෝධතා කි‍්‍රයාමාර්ග පැවැත්වීමට තීරණය කර ඇත. මේ අතර අනෙකුත් සියලූම දිස්ති‍්‍රක් හා පළාත් මට්ටමින් විරෝධතා කි‍්‍රයාමාර්ග පවත්වා පෙබරවාරි මස කොළඹ දී රැකියා ලැබෙන තුරු අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීමටද තීරණය කර ඇත.

කැඳවුම්කරු,
ධම්මික මුණසිංහ

Related posts

මන්නාරම සමුහ මිනීවල නිර්මාණය කර ඇත්තේ පෘතුගීසින් හෝ ලන්දේසීන්

colombotoday

ජනපතිගේ දේශපාලන ආගමනයට දින 100000 යි.. උත්සවයට සෙනග නෑ.. ප්‍රචාරක වියදම් වතුරේ !

colombotoday

සජිත් ආගමනය නැවැත්වීමට රනිල්ගෙන් තුරුම්පුවක්… මහින්ද සමග අගමැති සටනට එජාපයෙන් මෛත්‍රී වික්‍රමසිංහ…

colombotoday

සයිටම් වහනව තියා, වහන්න හිතලවත් නෑ – උසස් අධ්‍යාපන ඇමති

colombotoday

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin