Colombo Today Local News

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

ත්‍රිකුණාමලයේ සිට පොලොන්නරුව දෙසට සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක රෝදයක වූ කාර්මික දෝශයක් හේතුවෙන් එය සකස් කරමින් සිටි මෝටර් කාර්මිකයක්ගේ හිස මතට ලොරි රථය වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ ඇතිවූ දෝෂය හේතුවෙන් ලොරි රථයේ රියදුරු මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි මෙම කාර්මික ශිල්පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඒම ස්ථානයට ගෙන්වාගෙන තිබෙන බව පැවසේ.

අනතුරුව කාර්මික ශිල්පියා ලොරි රථයේ රෝදයේ දෝෂය සැකසීමට යාමේදී ආධාරකය ඉවතට ලිස්සා ගොස් මෙම අනතුරට මුහුණ දී ඇත.

හිස මතට ලොරි රථයේ පිටුපස කොටස වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

දෝෂය සිදුවන අවස්ථාවේ ලොරි රථය තුළ සිමෙන්ති මිටි 600ක් පමණ තිබේ ඇත. ලොරි රථයේ සියලු බර ටොන් 30ක පමණ තිබු බව පැවසේ.

කාර්මික ශිල්පියා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමට ගම්වාසීන් කටයූතු කර ඇති අතර රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මරණයට පත්වී සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ දිවුලන්කඩවල පී.ඒච්.ජි අනුරසිරි ගුණරත්න නමැති වයස අවුරුදු 45 පමණ වන තිදරු පියෙකි.

Related posts

අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

colombotoday

කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයි

colombotoday

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

සාමාන්‍ය පෙළ ‍ප්‍රතිඵල වලින් මාධ්‍ය කරුවන් ‘මිනී මරනවා !’ – මහාචාර්ය සාලිය කුලරත්න

colombotoday

ඩොලර්වලට ඉන්ධන ‌දෙන්න ලියාපදිංචි කිරීම අරඹයි

colombotoday

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday