Colombo Today Local News

කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයි

gota22

කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා “දිවයින” ට පැවසීය.

මෙවන් වැදගත් ස්‌ථානයක්‌ නිසි ලෙස ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

කොස්‌ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්‌ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ්‌ඩ කොටසක්‌ දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. ඒ වගේම කොස්‌ගම අවි ගබඩාවේ ආරක්‍ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස්‌ දුන්නා.

යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක්‌ වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක්‌ අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්‌වැව ප්‍රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්‌ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්‌. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ්‍ය බලය අහිමිව ගියා.

ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්‌ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා. කොස්‌ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 ක උණ්‌ඩ තොගය මම ආරක්‍ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි – දිවයින

Related posts

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

colombotoday

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

Admin

මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

Admin