Colombo Today Local News

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක අසුන්ගෙන සිටියදී ම මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය පවසයි.

දිනපතා පළවන පුවත්පතකද මේ පුවත පිලිබඳ සටහනක් තබා තිබු අතර මෙම කාන්තාව පානදුර, අළුබෝමුල්ල, ජනප්‍රිය මාවතේ පදිංචිකාරියක බවට පොලිසිය හඳුනාගෙන තිබේ.

පානදුර පොලිසිය සඳහන් කරන්නේ ඊයේ (10)දින පස්වරු 5.40ට පමණ අදාළ කාන්තාවගේ මළ සිරුර පානදුර රෝහලට භාර දුන් බවයි.

අසුනට හේත්තු වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැක සිතී බස් රථයේ සහයකයා ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබෙනු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබේ.

වයස අවු 60 ත් 65 ත් පමණ වයසැති එම කාන්තාව කොරෝනා වෛරස් අසාදිතයෙකු ද යන්න දැන ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව පානදුර පොලිසිය සඳහන් කරයි.

Related posts

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

colombotoday

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් හදිස්සියේ ජනපති හමුවෙයි, අලුත් ආණ්ඩුවකට සැරසෙයි?

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

නව ආරක්ෂක ලේකම් ගෝඨාභය අද රාත්‍රියේ පත්කිරීමට නියමිතයි

colombotoday