Colombo Today Local News

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත.

දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ බුද්ධි ඒකකයට මෙම දෙසීය දෙනා අනුයුක්ත කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා ඇති බන්ධනාගාර සිර මැදිරි පරීක්ෂාව, ප්‍රබල පාතාලයන් අධිකරණ වෙත රැගෙන යාමේ රාජකාරි මෙම විශේෂිත කණ්ඩායමට පැවරෙන බවද හෙතෙම පවසයි.

වසර 22ක සේවා කාලයෙන් පසු හමුදා ​සේවයෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්හි විශේෂිත පුහුණුව ලත් දෙසීයක් මේ සඳහා තෝරාගෙන ඇත.

මෙම කණ්ඩායමට වසර පහකින් පසු අවශ්‍ය නම් බන්ධනාගාර සාමාන්‍ය රාජකාරි සඳහා වුවද එක්වීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

දැනටමත් බන්ධනාගාර බුද්ධි ඒකකයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ සියයක කණ්ඩායමක් සේවයේ නිරත අතර ඕනෑම බන්ධනාගාරයකට කඩා පනින හමුදාවක් සේ ගොස් හදිසි පරීක්ෂා කිරීම් සඳහා මෙම ඒකකයට බලතල ඇත.

Related posts

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කරලා. | ලංකා ගුරුසංගමය මානව හිමිකම් කොම්සමට පැමිණිලි කරයි.

colombotoday

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday