Colombo Today Local News

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම්හි නව භූමියක් තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර තුනක වපසරියකින් යුතු බවයි.

ඒ අනුව මෙම භූමියෙහි කොවිඩ් මෘතදේහ දෙදහස් හාරසීයක් (2400) පමණ භූමදානය කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම භූමිය මෘතදේහ භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික කමිටුව අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.

මේ වනවිට කොවිඩ් මෘතදේහ භූමදානය කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ඔට්ටමාවඩි සුසානභූමියේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින බවත්, තවත් මෘතදේහ තුන්සීයක පමණ ප්‍රමාණයක් පමණක් එම භූමියේ භූමදානය කිරීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඊයේ (10 වැනිදා) පෙරවරුව වනවට ඔට්ටමාවඩි සුසානභූමියේ මෘතදේහ එක්දහස් හාරසිය හැත්තෑවක් (1470) භූමදානය කර තිබේ.

එම කොවිඩ් මෘතදේහ අතර මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ එක්දහස් තුන්සිය අසූ තුනක් (1383), බෞද්ධාගමිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24), හින්දු ආගමිකයන්ගේ මෘතදේහ තිස් නවයක් (39) සහ කතෝලික භක්තිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24) වෙති.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

colombotoday

අස්ගිරි අනුනාහිමිගේ ප්‍රකාශය අශිෂ්ඨයි.. වහා භික්ෂූ සංඝායනාවක් ඕනෑ – මංගල කියයි

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday