Colombo Today Local News

අස්ගිරි අනුනාහිමිගේ ප්‍රකාශය අශිෂ්ඨයි.. වහා භික්ෂූ සංඝායනාවක් ඕනෑ – මංගල කියයි

වරදාන වරප්‍රසාදවලට මුවා වී මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන නැවත ඒකාධිපති ගමනට පාර කපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයන් පරිස්සම් විය යුතු බව අවධාරණය කරමි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වැනි උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ සිදුකර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු ගෙනහැර දක්වයි. එම ප්‍රකාශයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ,

“වරදාන, වරප්‍රසාදවලට මුවා වෙලා මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාර කපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව නැවත අවධාරණය කරමි. මන්ද අද ලංකාවේ ජනප්‍රියතලයේ ඇතැම් භික්ෂූහු රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් ලෙස බෞතීස්මය ලබා බුද්ධ වංශයේ භික්ෂූත්වය අතහැර ‌ඇති බැවිනි. ඒ නිසාම භික්ෂූත්වයට මෙන්ම බුද්ධ දර්ශනයටද අදාළ නැති බොහෝ දේ ඔවුහු සිදුකරමින් සිටිති. එබැවින් බුද්ධ ශාසනයේ චිරස්ථතිය සලකා මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු නොවේද?

ථේරවාදී බුද්ධ දර්ශනයේ අනාගත පැවැත්මට මෙන්ම සමාජ සාරධර්මයන්ට අතිශය හානිදායී වර්තමාන දුශ්ශීල භික්ෂූන් වහන්සේලාගෙන් මේ ශාසනය බේරා කරගැනීම වෙනුවෙන් එදා ‘’සුභද්ද භික්ෂුවගේ අභග්ග වචනය” පදනම් කරගෙන පළමු සංඝායනාව කළා සේ, “වෙඬරුවේ උපාලි හිමියන්ගේ මේ අශිෂ්ඨ ප්‍රකාශය” පදනම් කෙරගෙන හැකි ඉක්මණින් භික්ෂු සංඝායනාවක් කැඳවීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමි.”

අස්ගිරි නාහිමියන්ගේ ප්‍රකාශය අලලා මංගල සමරවීර මහතාගේ මෙහෙයවීමෙන් ස්වාධීන රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය පසුගිය දින කිහිපයේ නාහිමියන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ අතර, නාහිමියන්ට අපහාස වන පරිදි සමාජ මාධ්‍යවල පලකර තිබූ ද්වේශසහගත ප්‍රකාශද ප්‍රසිද්ධියේ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශය කළේ සමස්ථ මහා සංඝරත්නයම රට ඉදිරියේ හෑල්ලුවට ලක්කරමිනි.

කෙසේ වෙතත් තමන් වහන්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල කරන විවේචන සම්බන්ධයෙන් අස්ගිරි අනුනාහිමියන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇති අතර, පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

Related posts

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday

ලංකාවට යැව්වොත් අත්අඩංගුවට ගනිවී, රඳවා තබා ගනිවී, වධ හිංසාවලට මුහුණ දීමට සිදු වේවි. – නවසීලන්ත ප්‍රහාරකයා අධිකරණයට කියලා.

colombotoday

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday