Colombo Today Local News

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

කිසියම් පුද්ගලයෙකු අද (25) දහවල් වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස පැවති සිංහ කොඩිය කඩා බිම දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිරිසක් පැවසුවේ කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ කොඩිය කඩා බිම දමා පාගා නැවත පළාගිය බවයි.

වවුනියාව පොලිසිය පැවසුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.

Related posts

සහන මිලට දෙන්න තිබූ පොහොර තොගයක් විකුණු වාරියපොළ සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday