Colombo Today Local News

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවසුවේ සාමකාමීව රැස්වීමට ජනතාවට ඇති අයිතියට ගරු කරන නමුත් රජයේ දේපල හානි කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් ඉවසීමෙන් බලා සිටීමට පොලිසියට හැකියාවක් නැති බවයි.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම, සාමකාමීව රැස්වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලීසිය සෑමවිටම ගරු කරනු ලබනවා. එමෙන්ම පුරවැසියන්ගේ එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ගත හැකි සෑම පියවරක්ම උපරිම වශයෙන් අප ගනු ලබනවා. දිවයිනේ සෑම පොලිස් නිලධාරියෙකුටම ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය මගින් වරින් වර අඛණ්ඩව උපදෙස් ලබාදී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී අනිකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම අයිතිවාසිකම්වලට බාධා නොවන ආකාරයට කටයුතු කිරීමේ මූලික යුතුකමක් සෑම දෙනාටම තිබෙනවා. ඒ වගේම රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමී බව බිඳවැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව අවධාරණය කරනවා. එබැවින් මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින් හා ආගමික නායකයින් ඇතුළු සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි”

Related posts

සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

colombotoday

රනිල් වික්‍රමසිංහ අප්‍රසාදයට පත්කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය යොදාගෙන – සැලසුම ජනපති සජිත්, අගමැති මංගල වීමටයි

colombotoday

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

colombotoday

ෆොන්සේකාගේ බලාපොරොත්තු සුන් වෙයි.. නීතිය හා සාමය රංජිත් මද්දුමබණ්ඩාරට

colombotoday

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday