Colombo Today Local News

අලියා පිටින් ෆොන්සේකා පාර්ලිමේන්තු යවන ගැසට් නිවේදනය එයි

ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.

මේ අනුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.

හිටපු අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී තිබු එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08) අනුමැතිය ලබාදුන්නේය.

පසුගිය 03 වන දින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට ද එළඹුණු සරත් ෆොන්සේකා මහතාට, ඉදිරියේදී ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූරයක්ද ලබාදෙනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අදාල ගැසට් නිවේදනය පහතින්

 

Related posts

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

Admin