Colombo Today Local News

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සඳහා මේ වන විට මූලික එකඟතාවයකට පැමිණ තිබේ.

ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරුන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව ඇත.

මේ අතර රටේ පවතින ආර්ථික ගැටලුව පිළිබඳව සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතිය තුළ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Related posts

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

මහින්ද නැවතත් සටන් බිමට… සන්ධාන ආණ්ඩුවකින් සියල්ල කණපිට හරවන්න සූදානම් වෙයි (VIDEO)

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday