Colombo Today Local News

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

මහ කන්නයේ වී වගා කිරීම සඳහා මේ මස 20 වැනිදා ජලය නිකුත් කරන බව මහවැලි අධිකාරිය පවසයි.

වැලිකන්ද, ගිරාඳුරුකොට්ටේ, සහ කලාවැව යටතේ මහවැලි H කලාපයටත් ජලය නිකුත් කරන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට අමතරව නාච්චාදුව සහ රාජාංගනය වැව් සඳහාද ජලය නිකුත් කරන බව ඔහු සඳහන් කරයි.

කලාවැව මේ වන විට 85% ක් ප්‍රමාණයක් ජලයෙන් පිරි තිබේ.

මෙවර හෙක්ටයාර් අනු හය දහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක වී වගා කිරීමට සැලසුම් කර ඇති බව නෙවිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

රත්නපුර නායයෑමෙන් අතුරුදන්ව සිටි දැරිය මිය ගිහින්

colombotoday

චම්පික අත්අඩංගුවට!

colombotoday

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

කැලණියේ කුඩු මංගලිකා බඩුත් එක්ක මාට්ටු

colombotoday

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday