Colombo Today Local News

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

විරෝධතා පාගමන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර පාගමන යාපනය සරසවියෙන් ආරම්භ වී යාපනය නගරසභා වටරවුම දක්වා විරෝධතා පාඨයන් හා යුද අපරාධ හුවා දැක්වෙන ස්මරකයන් සමගින් සරසවි සිසුන් විශාල පිරිසක් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින්,අතුරුදහන් වූවන්ගේ ඥාතීන්,සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන්ද එක්ව 3,000 කට අධික පිරිසක් පා ගමනට සහභාගී වෙමින් ගමන් කරනු ලැබීය.

විරෝධතා පාගමන අවසානයේදී රැස්ව සිටි පිරිස්ට යාපනය විශ්වවිද්‍යාල සිසුන් දේශනයක් සංවිධානය කොට තිබුණද කිසිදු දේශපාලන නියෝජිතයෙකුට රැස්ව සිටි පිරිස් ඇමතීමට අවස්ථාවක් නොදීමද මෙහිදී විශේෂ විය.

විරෝධතාවයට සහභාගී වූවන් අමතා යාපනය විශ්ව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් කියා සිටියේ,

“ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් දුන් කාල සීමාවන් පමණටත් වඩා වැඩි හෙයින් තවත් කාලයක් ලබා දීම සාධාරණයක් නොවන හෙයින් හැකි ඉක්මනින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා යුද අපරාධ සිදු කරන ලද පුද්ගලයින් නීතියට පමුණුවා ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවටය. එමගින් යුද්ධයෙන් බැට කෑ ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවටත්ය”.

Related posts

දේශපාලකයන්ගේ ගෙවල් වටලා හෝ ආණ්ඩුවේ 2/3 නැති නොකළොත් රට ඉවරයි !

colombotoday

ජනපති දෙලොවක් අතර.. අගමැති එනතුරු ඉල්ලා අස්වීම භාර නොගනී.. දිල්රුක්ෂි තවම වැඩ

colombotoday

සමලිංගිකයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට.. ගිය මාස 6 ඇතුළත ආසාධිතයන් 128ක් හදුනාගෙන!

colombotoday

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

colombotoday

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday

පානීය ජල බෝතලෙත් සැගවුණු මාරයෙක්, වර්ග 37ක් ප්‍රමිතියෙන් තොරයි.

colombotoday