Colombo Today Local News

මන්නාරම හුනයිස් නගර් වෙරළෙන් හෂීස් කිලෝවක් හමුවෙයි…

මන්නාරම, හුනයිස් නගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ වල දමා තිබු හෂීස් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගත් බවයි නාවික හමුදා මූලස්ථානය නිවේදනය කළේ.

සොයාගත් මෙම හෂීස් මත්ද්‍රව්‍යය ප්‍රමාණය රුපියල් 75,000 ක් පමණ බව සඳහන්.

කෙසේ වෙතත් සොයාගත් මෙම හෂීස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

“මම දන්නෙත් නෑ.. හමුවෙලත් නෑ” – බැදුම්කර රහස් වාර්තාවේ නම කියවුණු ඇමති දැන් කියන දේ

colombotoday

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම හෙට

colombotoday

“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී

colombotoday

කුණු කන්දට යටවී මිය ගිය අයගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා (Video)

colombotoday

ගිරිතලේ බුද්ධි කඳවුරට සීල් තබයි! ත්‍රස්තවාදී ඔත්තුකරුවකු වෙනුවෙන් හමුදා කඳවුරක් සීල් තැබූ ඉතිහාසයේ ප්‍රථම වතාවයි

colombotoday

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin