Colombo Today Local News

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

අද (අප්‍රේල් 9) පස්වරු 3.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී රැස්වේ.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ විශේෂ සාකච්ඡාවක් සඳහා දේශපාලන බල මණ්ඩලය කැඳවා ඇති අතර, එහිදී කරුණු දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව ය.

මෙම සාකච්ඡාවේදී පක්ෂ විනය මණ්ඩලයට නියෝග කිහිපයක් නිකුත් කිරීමේ බලය පැවරීම හා පසුගිය මාර්තු 31 වන දා මැතිවරණ කොමිසමට භාරදුන් විගණනය කරන ලද පක්ෂයේ ගිණුම් ප්‍රකාශය පිළිබඳව දේශපාලන බල මණ්ඩලය දැනුවත් කිරීම සිදු කිරීමට නියමිත ය.

පක්ෂයේ විනය මණ්ඩලයට අවශ්‍ය නියෝග නිකුත් කිරීමේ බලය පක්ෂ දේශපාලන බල මණ්ඩලයට පැවරී ඇති බැවින් මෙම සාකච්ඡාවේදී විනය මණ්ඩලයට එවැනි නියෝග කිහිපයක් සඳහා බලය පැවරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු සමගි ජන බලවේගය නව දේශපාලන සන්ධානයට එක්වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

Related posts

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday