Colombo Today Local News

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් වැදුණු ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ අද රාජ්‍ය සේවයේ එක් කොටසකට මැතිවරණයකට තරඟ කිරීමේ අයිතිය අහිමි කිරීමට දායකවීම ඇදහිය නොහැකි වෙනසක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් වැදුණු ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ අද රාජ්‍ය සේවයේ එක් කොටසකට මැතිවරණයකට තරඟ කිරීමේ අයිතිය අහිමි කිරීමට දායකවීම ඇදහිය නොහැකි වෙනසක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද  සඳහන් කළේය.

“රාජ්‍ය සේවයේ ක්‍ෂේත්‍ර රැකියාවන්හි නියැලෙන නිලධාරීන්ට මෙතෙක් පැවැති ඡන්දය ඉල්ලීමේ අයිතිය අහිමි කරනු ලැබූ දිනය අදයි. මීට ඉහත දී යම් තැනැත්තකුට ඡන්දය ඉල්ලීම සඳහා ලැබී තිබූ අයිතියක් කිසිම ආණ්ඩුවක් විසින් අහිමි කර නැහැ. යම් ආණ්ඩුවක් බැඳී සිටින්නේ එම අයිතිය තවදුරටත් පුළුල් කිරීම සඳහායි. එක පැත්තකින් ‘කාන්තා නියෝජනය, තරුණ නියෝජනය අපි වැඩි කරනවා’ කියන ගමන් තමයි අනෙක් පැත්තෙන් අද මේ ආණ්ඩුව ක්‍ෂේත්‍ර නිලධාරින්ගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය කප්පාදු කර ඇත්තේ.

මේ පනත් කෙටුම්පතට ගෙන ආ සෑම සංශෝධනයක්ම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට, ආණ්ඩුව ඇතුළේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ට පූර්ව අවබෝධයක් තිබුණා. ඒ කියන්නේ ආණ්ඩුවට සහ නිල විපක්‍ෂයට මේ පිළිබඳව පූර්ව අවබෝධයක් තිබුණා. ඒ වගේම පසුව ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා, ක්‍ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට තරඟ වැඳීමේ අයිතිය ඉල්ලා ඉදිරිපත් කළ සංශෝධනයට අද එජාපය, ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිපය, දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ විරුද්ධ වුණා. ජවිපෙට තිබුණේ ජනතාවගේ ඡන්ද අයිතිය ඉල්ලා සටන් වැදුණු ඉතිහාසයක්. නමුත් අද රාජ්‍ය සේවයේ එක් කොටසකට මැතිවරණයකට තරඟ වැදීමේ අයිතිය අහිමි කිරීමට ජවිපෙ සම්මාදම් වුණා.  විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්ට හෘදසාක්ෂියක් තිබුණා මේ රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහිමි කිරීමේ සංශෝධනයට ඡන්ද දීමෙන් වැලකී සිටීමට. ඔහු පැවසුවා ‘රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද ඉල්ලීමේ අයිතිය මේ විදියට අහිමි කිරීම නුසුදුසුයි කියලා. නමුත් ඔහුගේ ප්‍රධාන සංවිධායකයා වූ ජවිපෙ අනුර කුමාර දිසානායක මේකට විරුද්ධව සිහින් කෙඳිරියක්වත් නොනඟා රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට දායක වුණා.

‘මේ අය ඉන්නේ එකම න්‍යාය පත්‍රයක’

අද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදී සිදු වූ සිදුවීම් වලින් පැහැදිලිව පෙනෙනවා, කොළ පාටින්, නිල් පාටින්, රතු පාටින් වෙන වෙනම හිටියට 2015 ජනවාරි බල පෙරළියට සම්බන්ධ වූ මේ අය තවමත් ඉන්නේ එකම න්‍යාය පත්‍රයක, එකට අවබෝධයක බව. අද මේ විදියට ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අයිතිය අහිමි කළේ, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂයෙන් ක්‍ෂේත්‍ර නිලධාරීන් විශාල පිරිසක් ඡන්දය ඉල්ලාවි කියා මේ ආණ්ඩුව හිතන නිසයි. නමුත් අපි එළfඕන මැතිවරණයේදී පෙන්වා දෙනවා, ‘මේ විදියේ පහත් වැඩ කරලා අපට ලැබෙන්න තිබෙන ජයග්‍රහණය ඔයාලට නතර කරන්න බැහැ’ කියලා. කෙසේ වෙතත් අපි ඡන්දය ඉල්ලීමේ අයිතිය අහිමි කරන ලද ක්‍ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය විදියට සටන් වඳින බවත් පවසන්න කැමතයි. ‘මැතිවරණයට තරඟ කිරීමට අපෙක්ෂා කරන ක්‍ෂේත්‍ර නිලධාරියකු මැතිවරණයට වසරකට පෙර ඉල්ලා අස්විය යුතුයි’ කියන ප්‍රතිපාදනය දෙස බලන්න මේක තනිකරම පළාත් පාලන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන ලද ක්‍ෂේත්‍ර නිල්ධාරීන් එළඔන මැතිවරණයට තරඟ කිරීම නතර කිරීමට ගත් උත්සාහයක්. 2018 අගෝස්තු 24ට පෙර පළාත් පාලන මැතිවරණය තිබ්බොත් ඉහත කී කිසිදු අයකුට එළඹෙන මැතිවරණයට තරඟ කිරීමට නොහැකි වෙනවා. නීති හැදීය යුත්තේ, යම් කොටසකට මැතිවරණ සඳහා තරඟ කිරීමට තිබෙන අයිතිය අහිමි කිරීමට නොවෙයි, ඒ අයිතිය තවදුරටත් පුළුල් කිරීමටයි. ඒ වගේම අපි රජයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ‘ඔබට අහිමි කළ අයිතිය දිනා ගැනීමට මේ ආණ්ඩුවට එරෙහිව බලවත්ව නැගී සිටින්න’ කියා.

මෙහිදී කථානායකවරයා ගැනත් වචනයක් කියන්න ඕනෙ. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා තුන්වර කියවීමේ විවාදය අවසානයේ බෙදීමක් ඉල්ලා සිටියා. අපි රාජයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයට විරුද්ධව ආණ්ඩුව ඡන්දය පාවිච්චි කළ නිසා අපට උවමනා වුණා තුන්වර කියැවීමේ විවාදයෙන් අනතුරුව සිදු කෙරෙන ඡන්ද විමසීමේදි ඡන්දය දීමෙන් වැළකී සිටීමට. බෙදීමක් ඉල්ලලා ඡන්දය දීමෙන් වැළකී සිටින්න පුළුවන්. නමුත් ඡන්දයක් නොතිබ්බොත් අපට ඡන්දය දීමෙන් වැළකී සිටින්න බැහැනේ. මෙතැනදි කථානායකවරයා උත්සාහ කළේ ඡන්දයක් නොතියා ඉන්න. නමුත් අපේ බලපෑම මත කථානායකවරයා ඡන්දයකට ගියා. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ අපි 44දෙනෙකු හෘදසාක්ෂියට එකඟව ඡන්දය දීමෙන් වැළකී සිටියා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

 

Related posts

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

colombotoday

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

colombotoday

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday