Colombo Today Local News

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

19 සංශෝධනය 2015 වසරේ ගෙන ආවේ පළමු පියවරක් ලෙස බව ඉදිරිපත් කරද්දී ම පැහැදිලිව ම පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තාවකාලික සිදුකරන ලද සංශෝධනයක් රටේ නිරන්තර නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු නැති බවද එය ඉවත් කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවයක් නැතිනම් රට ඉදිරියට ගෙන යාමට ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

එනිසා මෙම සංශෝධනය වෙනස් කළ යුතු බවත් ඉන් පසු කුමන දිශාවට ගමන් කරන්නේද යන්නද වැදගත් බවත් ඔහු එහිදී පැවසීය.

Related posts

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday