Colombo Today Local News

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

ජනවාරි 08 දේශපාලන පෙරළිය හෙවත් දේදුනු විප්ලවය පිළිබදව මුළු ලොවේම අවධානය යොමු වී ඇති බවත්, ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය පවා ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස සම්බන්ධයෙන් ලිවීමට පටන් අරගෙන තිබෙන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

තමන් 2007 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ දින පටන්ම රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සදහා සැලසුම් කළ බවත් ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් එළියට පැමිණීමත් සමග එම සැලසුම ක්‍රියාත්මක වූ බවත් ඇමතිවරයා පවසයි.

ඔහු මේ අදහල් පලකළේ සති අන්ත පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය රජයේ දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් මැතිවරණ සමයේ තමන් සකස් කළ Black Book එක තමන් අතින් නැතිවූ බවද අමාත්‍යවරයා පවසයි.

තමන්ගේ විදේශ අමාත්‍ය ධුරය යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සිදුවීම් සිදුවූ බවත්, පසුගිය මාර්තු 23 වනදා සිදුවූ සිරිසේන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය ඉන් එකක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ‘ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමරිකානු යෝජනාව අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ‘ ක්‍රියාත්මක කිරීම සදහා තවත් වසර දෙකක් කල් ඉල්ලන තම යෝජනාවට රටවල් 47ක සහය ලැබීම ද සුවිශේෂී සිදුවීමක් බවද විදේශ අමාත්‍ය වරයා පවසයි.

“අද ලංකාව ගැන ලෝකයේ රටවල් අතර විශ්වාසයක්, ආදරයක්, බලාපොරොත්තුවක් තියෙනව. දේදුනු විප්ලවය එයට එක හේතුවක්. අනෙක රට ගැන හිතල මේ රටේ හැමදාම හතුරන් වශයෙන් හිටපු පැති දෙක එකතු වීම තවත් එකක්. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ගෙන යන ඒ ප්‍රතිපත්තිමය විප්ලවය තුළ විශාල දෙයක් තියෙන නිසා තමා අද ලෝකය තුළ මහා ගෞරවයක් තියෙන්නෙ. දේදුනු විප්ලවය ලංකාව තුළ නොවුණ නම් අද මේ වගේපිළිගැනීමක් ලැබෙන්නෙ නෑ“

Related posts

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

colombotoday

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව රහස් එකඟතාවයක- අනුර

colombotoday

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

colombotoday

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday