Colombo Today Local News

මුදල් ඇමතිගෙන් එජාප මන්ත්‍රීන් 40කට අධීක්ෂණ තනතුරු.. සැප වාහන ඇතුළු තවත් දීමනා !

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් සිය අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රීවරුන් ලෙස පත්කරගෙන ඇත.

එම වාර්තතාවට අනුව නතුරු අහිමි එජාප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු නිල කාමරයට ඊයේ (05) කැඳවා ඇති මුදල් ඇමතිවරයා මෙම පත්වීම් ලිපි ලබාදී තිබේ.

සිය අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන 06 අධීක්ෂණය කිරීමේ බලය එම මන්ත්‍රීවරුන්ට පවරා ඇති මුදල් ඇමතිවරයා, ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් අවශ්‍යතාවය මත පමණක් මැදිහත්වන ලෙස දන්වා ඇත.

එජාප මන්ත්‍රීවරුන් 15ක පමණ පිරිසක් ඊයේ මීට අදාළ පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

මීට අදාල රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් වාහන බලපත්‍රයක් ලබාදීමට ද මුදල් ඇමතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට එකඟත්වය පළකර ඇත.

එජාප ආණ්ඩුවක් බලයට පත්වී ඇතත්, ජනතා සේවයක් සඳහා තමන්ට ඉඩක් ලබාදී නැතැයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන් පක්ෂ නායකත්වයට බරපතල චෝදනාවක් එල්ල වී ඇති අතර පක්ෂයේ උප නායකයා ලෙස මුදල් ඇමතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ එම අර්බුදයට කිසියම් හෝ සහනයක් ලබාදීමේ අරමුණින් බව පැවසේ.

Srilankamirror

Related posts

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

හිටපු ජනපති මහින්ද, වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි (Video)

colombotoday

ඥානසාර හිමි මුණගැසෙන්නන්ගේ තොරතුරු අගමැති ගෙන්වා ගනී

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday